
ත්‍රීරෝද රියදුරෙකු ඝාතනය කර රථය කොල්ලකෑ 16 හැවිරිදි සැකකරු අත්අඩංගුවට
පුත්තලම ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරෙකු ඝාතනය කර ඔහුගේ රථය කොල්ලකෑ බවට සැක කරන 16 හැවිරිදි තරුණයෙකු Sri Lanka Police විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු පුත්තලම, තිල්අඩිය – රත්මල්යාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වේ.
පසුගිය 22 වනදා උදෑසන පුත්තලම අඩපනාවිල්ලුව ප්‍රදේශයේ කාණුවක් තුළ පුද්ගල මළ සිරුරක් තිබෙන බවට ලැබුණු දැනුම්දීමක් අනුව විමර්ශන ආරම්භ කර ඇත. එහිදී හඳුනාගෙන ඇත්තේ 21 වනදා කුලී ගමනක් සඳහා සිය ත්‍රීරෝද රථයෙන් පිටත්ව ගිය 75 හැවිරිදි අබ්දුල් ලතීෆ් මහතා ඝාතනයට ලක්ව ඇති බවයි.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු එදින රාත්‍රී 9.30ට පමණ මරණකරු සමඟ කුලී ගමනක් සඳහා පිටත්ව ගොස් ඇති බවයි. රථය කොල්ලකෑමේ අරමුණින් රියදුරුගේ ගෙල ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහරදී ඔහු ඝාතනය කර පසුව ත්‍රීරෝද රථය පැහැරගෙන ගොස් ඇතැයි අනාවරණය වී තිබේ.
අනතුරුව එම රථය පුත්තලම මුල්ලෙයි නිවාස සංකීර්ණයේ දේවස්ථානයක් ආසන්නයේ අත්හැර දමා ගොස් ඇති අතර, එය පොලිස් භාරයට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී සැකකරු ඔහුගේ නිවසේ සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වී සිටින සැකකරු මුදල් සහ ත්‍රීරෝද රථය කොල්ලකෑමේ අරමුණින් මෙම ඝාතනය සිදුකළ බව පොලීසිය හමුවේ ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ.
සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන පුත්තලම පොලීසිය විසින් සිදුකරයි.



