
උණුසුම් පුවත්
හිටපු ජනපති රනිල් අධිකරණයට
හිටපු ජනපති රනිල් අධිකරණයට අද (30) පැමිණ තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත මෙලෙස පැමිණ ඇත්තේ ඔහුට එරෙහිව පවරා ඇති නඩුවකට පෙනී සිටීම සඳහාය.
2023 වසරේ බ්‍රිතාන්‍යයේ පැවති සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සම්බන්ධයෙන් මෙම නඩුකරය පවරා තිබේ.
එම අවස්ථාවට සහභාගී වීමේදී රජයට අයත් රුපියල් ලක්ෂ 166කට අධික මුදලක් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් නඩු කටයුතු සිදුකෙරෙයි.
ඒ අනුව, අදාළ නඩු කටයුතු සඳහා පෙනී සිටීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණියේය.



