ප්‍රධාන පුවත්

බස් ගාස්තු 12%කින් ඉහළට

රටපුරා බස් ගාස්තු සියයට 12කින් ඉහළ දැමීමට තීරණය කර ඇති අතර, නව ගාස්තු මෙම මස 6 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව, දැනට රුපියල් 30ක් වන අවම බස් ගාස්තුව රුපියල් 34 දක්වා ඉහළ යනු ඇත.

සාමාන්‍ය බස් සේවා සඳහා කිලෝමීටර් 100ට අඩු ගමනාන්තවල ගාස්තු සියයට 12කින් ඉහළ යන අතර, කිලෝමීටර් 100 හෝ ඊට වැඩි දුර ගමනාන්ත සඳහා එම වැඩිවීම සියයට 20ක් ලෙස ක්‍රියාත්මක වේ.

සුඛෝපභෝගී බස් සේවා සම්බන්ධයෙන්ද කිලෝමීටර් 100ට අඩු ගමනාන්ත සඳහා ගාස්තු සියයට 12කින් ඉහළ යන අතර, කිලෝමීටර් 100ට වැඩි ගමනාන්ත සඳහා ගාස්තු සියයට 15කින් ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button