ව්‍යාපාරික

ඩොලරයේ විකුණුම් මිල රු.340 ඉක්මවයි

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් දුර්වල වී තිබේ.

මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාත අනුව ඩොලරයේ විකුණුම් මිල අද (09) රුපියල් 340.8686ක් ලෙස සටහන් වී ඇති අතර, එහි ගැනුම් මිල රුපියල් 331.3476ක් ලෙස දැක්වේ.

ඊයේ (08) දිනයේ එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 339.7382ක් ලෙසත්, ගැනුම් මිල රුපියල් 330.2889ක් ලෙසත් සටහන් විය.

ඒ අනුව, ඊයේ දිනයට සාපේක්ෂව අද ඩොලරයේ විකුණුම් මිල රුපියල් 1කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button