
ප්‍රධාන පුවත්
අබුඩාබිවලින් ශ්‍රී ලාංකික තරුණයන් 7ක් පිටුවහල් කරයි
මැදපෙරදිග කලාපයේ පවතින යුද තත්ත්වයන්ට අදාළ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවල ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ තබා ගැනීමත්, ඒවාට ‘Like’ සහ ‘Comments’ දැමීමත් හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික තරුණයන් හත්දෙනෙකු එරටින් පිටුවහල් කර මෙරටට එවා තිබේ.
අවුරුදු 23ත් 33ත් අතර වයස්වල පසුවන මෙම පිරිස ඊයේ (27) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වේ. ඔවුන් අම්බලන්ගොඩ, මාරපන, බොරැල්ල, බණ්ඩාරගම, පොළොන්නරුව සහ වත්තල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද සඳහන් වේ.
කටුනායකට පැමිණීමෙන් පසු, ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්, රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් එක්ව ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇති බවද වාර්තා වේ.



