
සෞඛ්‍යය
ඩෙංගු රෝගීන් 73,455 දක්වා ඉහළට – මරණ 50ක් වාර්තා වෙයි
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව මේ වසරේ මේ දක්වා 73,455 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ඊයේ (16) දිනය වන විට මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 73,455ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඩෙංගු ආසාදිත මරණ 50ක් වාර්තා වී තිබේ. එමෙන්ම ඊයේ දිනය තුළ පමණක් නව රෝගීන් 1,025ක් හඳුනාගෙන ඇත.
පළාත් අනුව වැඩිම රෝගීන් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එහි සමස්ත රෝගීන් සංඛ්‍යාව 38,700කි. දිස්ත්‍රික් මට්ටමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 15,341ක් වාර්තා වී ඇති අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 14,625ක් වාර්තා වී තිබේ.
තවද ජූලි මාසයේ ගතවූ පළමු දින 16 තුළ පමණක් ඩෙංගු රෝගීන් 18,076ක් වාර්තා වී ඇති අතර, වසරේ වැඩිම මාසික රෝගීන් සංඛ්‍යාව වන 21,538ක් වාර්තා වී ඇත්තේ ජූනි මාසයේදීය.



