විදෙස්

ටෙහෙරානයේ Golestan Palaceට ප්‍රහාර වලින් හානි – UNESCO දැඩි කනස්සල්ලෙන්

යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇති ටෙහෙරානයේ ඓතිහාසික Golestan Palace මාලිගයට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් හානි සිදුවී ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

මෙම සිද්ධිය පිළිබඳ වාර්තා පළවීමත් සමඟ, ලෝක උරුම සංරක්ෂණය භාරව කටයුතු කරන UNESCO සංවිධානය සිය දැඩි කනස්සල්ල ප්‍රකාශ කර ඇත.

16 වන සියවසේ පර්සියානු ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටතම නිර්මාණයක් ලෙස සැලකෙන මෙම මාලිගය, ඉරාන සංස්කෘතික අනන්‍යතාවය නියෝජනය කරන ප්‍රමුඛ සංකේතයක් ලෙසද හඳුන්වනු ලැබේ. කජාර් රාජවංශයේ රජවරුන්ගේ නිල වාසස්ථානය වූ මෙම ස්ථානය, පසුව පහ්ලවි රාජවංශයේ නිල මූලස්ථානය ලෙසද භාවිතා වී තිබේ.

එමෙන්ම මාලිගය ආසන්නයේ පිහිටි Arg Square ප්‍රදේශයේද පිපිරීමක් සිදුව ඇති බව එරට මාධ්‍ය සඳහන් කරයි.

මාලිගය තුළ ඇති කන්නාඩි නිර්මාණ හා පෞරාණික වීදුරු අලංකරණ කම්පන තරංග හේතුවෙන් බිඳී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ජාත්‍යන්තර නීතිය අනුව සංස්කෘතික හා ඉතිහාසමය වටිනාකමක් ඇති මෙවැනි ස්ථාන ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය බව අවධාරණය කරමින්, සම්බන්ධ සියලු පාර්ශවයන්ගෙන් එම වගකීම ඉටු කරන ලෙස UNESCO ඉල්ලා සිටියි.

යුදමය උණුසුම මධ්‍යයේ ලෝක උරුම ස්ථාන මෙලෙස අනතුරට ලක්වීම ජාත්‍යන්තර ප්‍රජාව තුළ දැඩි අවධානයක් හා විවේචනයක් ඇති කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button