ප්‍රධාන පුවත්

ජී.එල්. පීරිස්ගෙන් අල්ලස් කොමිසම පැය දෙකක් ප්‍රකාශ ගනී

ජී.එල්. පීරිස් මහතා අද (20) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගොස් තිබේ.

හිටපු අමාත්‍යවරයාගෙන් පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වේ.

කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිදුකළ දැනුම්දීමකට අනුව ජී.එල්. පීරිස් මහතා එහි පැමිණ තිබුණි.

ඔහු විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ පැවැත්වූ රැස්වීමක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව කරුණු විමසීම සඳහා මෙම කැඳවීම සිදුකර තිබූ බව සඳහන් වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button