ප්‍රධාන පුවත්

ජින්තුපිටිය වෙඩි තැබීමට සැක : 24 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

වෙරළබඩ පොලිස් වසමට අයත් ජින්තුපිටිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් දරුවන් දෙදෙනෙකු තුවාල ලැබූ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඊයේ (03) දහවල් ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසිනි.

 

අත්අඩංගුවට ගැනීමේදී සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 830 ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

 

අවුරුදු 24ක් වයසැති මෙම සැකකරු කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදුකරමින් පවතී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button