
ලලිත් පියුම් පෙරේරාට ඇප – විදේශ ගමන් තහනමකුත් පනවයි
ලලිත් පියුම් පෙරේරාට ඇප ලබාදීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයා මෙලෙස ඇප මත මුදාහැරීමට පියවර ගෙන තිබේ.
ලලිත් පියුම් පෙරේරාට ඇප – ලක්ෂ 51ක පාඩුවක් සිදුකිරීමේ චෝදනාවට අදාළ නඩුවේදී ශරීර ඇප දෙකක් සහ විදේශ ගමන් තහනමක්
රජයට රුපියල් ලක්ෂ 51ක පාඩුවක් සිදුකළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් ලලිත් පියුම් පෙරේරා අත්අඩංගුවට ගෙන තිබුණි.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම ඇප නියෝගය නිකුත් කළේය.
ඒ අනුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහැරීමට අධිකරණය නියම කළ අතර, ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමටද නියෝග කර ඇත.
අල්ලස් කොමිසම අධිකරණයට ඉදිරිපත් කළ කරුණු අනුව, ලලිත් පියුම් පෙරේරා ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ අම්පාර, සාමපුර ප්‍රදේශයේ පිහිටි ඉඩමක් සහ එහි ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් අක්‍රමිකතාවක් සිදුව ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
එම ඉඩම සහ ගොඩනැගිල්ල රජයට අයත් දේපළක් ලෙස හඟවමින් අතුරු බදු ගිවිසුම් සකස් කර, එය ජාතික තරුණ සේවා සභාවට බදු පදනම මත ලබාගැනීමට කටයුතු කර ඇති බව කොමිසම අධිකරණයට දැනුම් දී ඇත.
එම ගනුදෙනුව හරහා තුන්වන පාර්ශ්වයකට නීතිවිරෝධී ලෙස ජාතික තරුණ සේවා සභාවේ මුදලින් රුපියල් ලක්ෂ 38ක මුදලක් ගෙවා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයිද කොමිසම සඳහන් කර තිබේ.
මීට අමතරව, අදාළ ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා නොගෙන තරුණ සේවා සභාවේ අරමුදලින් තවත් රුපියල් ලක්ෂ 13ක මුදලක් අයුතු ලෙස වැය කර ඇති බවටද විමර්ශනවලදී හෙළි වී ඇත.



