
‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත’ පාර්ලිමේන්තුවට ගෙන ඒමට අනුමැතිය
1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ පවතින අඩුපාඩු ආවරණය කරමින් නව නීතියක් හඳුන්වාදීම සඳහා සකස් කළ ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත’ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මෙම අනුමැතිය ලබාදී ඇත.
පවතින පනතේ අඩුපාඩු මඟහරවා ගැනීම සඳහා මූලික කෙටුම්පතක් සකස් කිරීමට මීට පෙර තාක්ෂණික විශේෂඥ කමිටුවක් පත් කර තිබූ අතර, එම මූලික කෙටුම්පත පදනම් කරගනිමින් නව පනතක් හඳුන්වාදීම සඳහා 2026 අගෝස්තු 10 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදී තිබුණි.
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදකවරයා විසින් සකස් කළ ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත’ සඳහා මේ වනවිට නීතිපතිවරයාගේ නිෂ්කාශනයද ලැබී තිබේ.
ඉදිරි පියවර ලෙස අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට නියමිතය.
අනතුරුව එම පනත් කෙටුම්පත අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වේ.



