
චෙම්මනි මිනිවළෙන් සිරුරු 245ක අස්ථි හඳුනාගනී චායාරූප සහිතයි
යාපනය චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය අසල පවතින සමූහ මිනිවළේ හයවන අදියර කැණීම් කටයුතු ඊයේ (03) හයවන දිනටත් ක්‍රියාත්මක වූ අතර, එහිදී තවත් මිනිස් සිරුරු 245කට අදාළ අස්ථි කොටස් හඳුනාගෙන තිබේ.
අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වි.කේ. නිරංජන් මහතා සඳහන් කළේ, ඉන් මිනිස් සිරුරු 243කට අදාළ අස්ථි කොටස් මේ වනවිට ගොඩගෙන ඇති බවය.
මෙම හයවන අදියර කැණීම් කටයුතු පසුගිය අප්‍රේල් 27 වැනිදා යාපනය මහේස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතාගේ අධීක්ෂණය යටතේ ආරම්භ කර තිබේ.
මීට පෙර පස්වන අදියර කැණීම් කටයුතු 2025 සැප්තැම්බර් 06 වැනිදා අවසන් කෙරුණු අතර, එම අදියරේදී මිනිස් සිරුරු 240කට අදාළ අස්ථි කොටස් මතුකරගෙන තිබුණි. ඉන් 239කට අදාළ අස්ථි කොටස් ගොඩගැනීමද සිදුකර තිබිණි.
ස්කෑන් පරීක්ෂණ වාර්තා සැලකිල්ලට ගනිමින් හයවන අදියරේ වැඩිදුර කැණීම් සිදුකරන බව කැණීම් නිලධාරීන් සඳහන් කරයි.
මෙම කටයුතු සඳහා කැළණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා, යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරනවන් මහතා ඇතුළු විශේෂඥ කණ්ඩායමක් එක්ව සිටී.
සොයාගත් අස්ථි කොටස් සහ අනෙකුත් භාණ්ඩ යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග මත යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා පීඨය භාරයේ තබා ඇත.








