
චීනය ඉරානයට අවි සැපයීම නැවතීමට එකඟයි : ට්‍රම්ප් කියයි
ඉරානයට අවි ආයුධ සැපයීමෙන් වළකින්නට චීනය එකඟ වී ඇති බව ඇමරිකානු ජනාධිපති ප්‍රකාශ කර තිබේ.
ඔහු මේ පිළිබඳව සඳහන් කර ඇත්තේ තමන්ගේ Truth Social ගිණුමට සටහනක් එක් කරමිනි.
එම සටහන අනුව, හෝමූස් සමුද්‍ර සන්ධිය ස්ථාවර ලෙස විවෘතව තබා ගැනීම සම්බන්ධයෙන්ද චීනය සතුටු වන බව ඔහු කියා සිටී. තවද, ලෝකයේ සහ චීනයේ යහපත උදෙසා මෙම තත්ත්වය සකස් කළේ තමන් බවත් ට්‍රම්ප් සඳහන් කර ඇත.
අනාගතයේ මෙවැනි තත්ත්වයක් නැවතත් ඇති නොවනු ඇති බවටද ඔහු විශ්වාසය පළ කරයි.
එමෙන්ම, ඉදිරියේ සිදු කිරීමට නියමිත චීන සංචාරය අතරතුර, චීන ජනාධිපති විසින් උණුසුම් පිළිගැනීමක් ලබා දෙනු ඇති බවටත් ඔහු ප්‍රකාශ කර තිබේ.
තමන් සහ චීන නායකත්වය අතර සම්බන්ධතා ඉතා කාර්යක්ෂම ලෙස පවත්වාගෙන යන බව පෙන්වා දෙන ට්‍රම්ප්, එවැනි සහයෝගීතාවය ගැටුම් වලට වඩා වඩාත් සුදුසු බවත් කියා සිටියි.
එහෙත්, අවශ්‍ය වුවහොත් සටන් කිරීමටද දෙපාර්ශ්වයම සූදානම් සහ දක්ෂ බව මතක තබා ගත යුතු බවත් ඔහු අවධාරණය කර තිබේ.



