
අධ්‍යාපන
පාසල් නිවාඩුව 2026 – තෙවන පාසල් වාරයේ නිවාඩු දින අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි
පාසල් නිවාඩුව 2026 සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර හෙට (07) දිනයෙන් අවසන් වන බව අමාත්‍යාංශය සඳහන් කළේය.
මුස්ලිම් පාසල් සඳහා තෙවන පාසල් වාරයේ පළමු අදියර සැප්තැම්බර් 2 වැනිදා අවසන් වීමට නියමිතය.
තෙවන පාසල් වාරයේ දෙවන අදියර සියලුම පාසල් සඳහා සැප්තැම්බර් 7 වැනි සඳුදා ආරම්භ වන අතර, එම වාරය දෙසැම්බර් 4 වැනිදා අවසන් කිරීමට සැලසුම් කර ඇත.
මේ අතර, 2026 අධ්‍යයන වර්ෂයට අදාළ අ.පො.ස. (උසස් පෙළ) විභාගය අගෝස්තු 10 සිට සැප්තැම්බර් 5 දක්වා පැවැත්වීමට නියමිත බවද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කර තිබේ.



