
යෝෂිතගේ මූලික විරෝධතාව ප්රතික්ෂේපයි
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ එක් චෝදනාවක් ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බව සඳහන් කරමින් විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතාව colombo high court විසින් අද (14) ප්රතික්ෂේප කර තිබේ.
මෙම තීරණය ලබාදී ඇත්තේ කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා විසිනි. තීන්දුව ප්රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ, විත්තිකරුට එරෙහිව එල්ල කර ඇති කුමන්ත්රණ චෝදනාව ඉදිරියට ගෙනයා නොහැකි බවට විත්තිය මතුකළ මූලික විරෝධතාවයට නීතිමය පදනමක් නොමැති බවයි.
ඒ අනුව අදාළ විරෝධතාව ප්රතික්ෂේප කරන බව ප්රකාශ කළ විනිසුරුවරයා, යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහි චෝදනාව පවත්වාගෙන යාමට කිසිදු බාධාවක් නොමැති බවද දැනුම් දුන්නේය.
ඉන් අනතුරුව විවෘත අධිකරණයේදී යෝෂිත රාජපක්ෂ මහතාට චෝදනා පත්රය කියවා දෙනු ලැබූ අතර, එම සියලු චෝදනාවලට තමන් නිවැරදිකරු බව ඔහු අධිකරණය හමුවේ ප්රකාශ කළේය.
මේ සමඟ අදාළ නඩු විභාගය ආරම්භ වී තිබේ.



