
ප්‍රධාන පුවත්උණුසුම් පුවත්
අධිවේගී මාර්ගවල ස්ථාන කිහිපයක අද (26) ගමනාගමනය මන්දගාමී වෙයි
දක්ෂිණ, පිටත වටරවුම් සහ මධ්‍යම අධිවේගී මාර්ගවල ස්ථාන කිහිපයක වාහන ගමනාගමනය මේ වනවිට මන්දගාමී වී තිබේ.
මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල පිටවීමේ ස්ථානය සහ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩවත පිටවීමේ ස්ථානය ආශ්‍රිතව මෙම තත්ත්වය පවතින බවයි.
මීට අමතරව, මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම පිවිසුම සහ යග්ගපිටිය පිටවීමේ ස්ථානය ආසන්නයේද වාහන තදබදයක් වාර්තා වී ඇත.
එම මාර්ග භාවිත කරන රියදුරන්ට අවධානයෙන් සහ සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙයි.



