උණුසුම් පුවත්

එරාජ් ප්‍රනාන්දු සියදිවි නසා ගනී – හම්බන්තොට හිටපු නගරාධිපති

හම්බන්තොට මහ නගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා සියදිවි හානි කරගෙන මියගොස් ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක් තුළදී ඔහු ගෙලවැලලාගෙන මියගොස් සිටියදී සොයාගෙන ඇති බවයි.

මියයන විට එරාජ් ප්‍රනාන්දු මහතා 57 වන වියේ පසුව තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වූ ඔහු 2014 වසරේදී හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස පත්වී තිබුණි.

අනතුරුව 2018 වසරේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ඇතිව දෙවන වරටත් හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති ධුරයට පත්විය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button