ප්‍රධාන පුවත්

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අවට ආරක්ෂාව තර කරයි

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (16) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබීම හේතුවෙන් මෙලෙස ආරක්ෂක වැඩපිළිවෙළ ශක්තිමත් කර ඇති බව වාර්තා වේ.

අදාළ නඩුකරය අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිත අතර, ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා ගුවන්යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියට අදාළව සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධ නඩුවකට නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button