උණුසුම් පුවත්

චරිත් අබේසිංහ ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිව යළි බන්ධනාගාරයට

චරිත් අබේසිංහ ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙන් නැවත බන්ධනාගාර භාරයට පත් කර තිබේ.

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන “හරක් කටා” නමැත්තාගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට අදාළ නඩුවේ සැකකරුවන් ලෙස සිටින නීතිඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ තවත් සැකකරුවෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) පෙරවරුවේ ඇප ලබා දුන්නේය.

එම ඇප කොන්දේසි සම්පූර්ණ කළ නීතිඥ රඛිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් දෙදෙනා බන්ධනාගාර භාරයෙන් මුදාහැරීමට නියෝග කර තිබේ.

කෙසේවෙතත්, චරිත් අබේසිංහ ඇප නියමයන් සපුරාලීමට අපොහොසත් වීම හේතුවෙන් ඔහු නැවත බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයට පත්කර බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button