
ප්‍රධාන පුවත්
කොළඹ Free Parking: වාහන නැවැත්වීමේ ගාස්තු තාවකාලිකව අත්හිටුවයි
කොළඹ මහ නගර සභා බලප්‍රදේශය තුළ වාහන නැවැත්වීම සඳහා අය කරනු ලැබූ ගාස්තු, නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
මෙම තීරණය අද (18) පැවති විශේෂ සාකච්ඡාවකදී ගනු ලැබූ බව නියෝජ්‍ය නගරාධිපති හේමන්ත වීරකෝන් මහතා ප්‍රකාශ කළේය.
ඔහු සඳහන් කළේ, වත්මන් ලෝකයේ පවතින යුදමය සහ ආර්ථික අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ජනතාව මුහුණ දෙන අපහසුතා සැලකිල්ලට ගනිමින්, එම පීඩාව අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවයි.
පසුගිය කාලය තුළ උදෑසන 6 සිට රාත්‍රී 12 දක්වා කාලය තුළ වාහන නැවැත්වීම සඳහා ගාස්තු අය කළද, මේ වන විට එම සියලු ගාස්තු අයකිරීම් සම්පූර්ණයෙන්ම නවතා ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



