උණුසුම් පුවත්

22 වන සංශෝධන පනත් කෙටුම්පත ගැන විවාදය ඇරඹෙයි

22 වන සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය අද (24) ආරම්භ කර තිබේ.

අදාළ පනත් කෙටුම්පත් දෙක දෙවන වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම විවාදය ආරම්භ වූ අතර, එය ඉදිරිපත් කරනු ලැබුවේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසිනි.

විවාදය ආරම්භ කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ වත්මන් ආණ්ඩුව ජනවරමට අනුව කටයුතු කරන බවයි.

එහිදී අමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කළේය.

“අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් පිටු අංක 200 අරන් බැලුවොතින් එහි මූලධර්ම වශයෙන් අධිකරණ පද්ධතියක් ක්‍රියාත්මකවීම, නීති පද්ධතියක් ක්‍රියාත්මකවී සම්බන්ධයෙන් අපි සඳහන් කරන්නේ මොකක්ද?   එක, සාධාරණව හා සමානව නීතයේ රැකවරණය  දෙක, විනිවිදභාවය සහ කාර්යක්ෂමභාවය, ස්වාධීනත්වය සහ ජනතා විශ්වාසය. මෙන්න මේ මූලධර්ම මත පිහිටලා තමයි අපි අධිකරණ පද්ධතිය මෙහෙයවනවා කියන කාරණාව ජනතාවට පොරොන්දු වුණේ. අද පොරොන්දුවේ එක කොටසක් ඉටු කරන දවසක්.  මේ පනත් දෙක.”

අදාළ පනත් කෙටුම්පත් දෙක සම්බන්ධයෙන් ඉදිරි පාර්ලිමේන්තු විවාදයේදී ඒවායේ අන්තර්ගත කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button