
කෙහෙළියට රු. මිලියන 75ක දඩයක් – මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළැයි අධිකරණයෙන් තීරණයක්
2022 වසරේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ සෞඛ්‍ය සැපයුම් මිලදී ගැනීමේදී සිදු වූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වැදගත් තීන්දුවක් ලබා දී තිබේ.
ලියාපදිංචි නොකළ සමාගමකින්, ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව සෞඛ්‍ය උපකරණ මිලදී ගැනීම හේතුවෙන්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු පිරිසක් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව අධිකරණය තීරණය කළේය.
ඒ අනුව, කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඔහුගේ පෞද්ගලික මුදල්වලින් රුපියල් මිලියන 75ක් රජයට වන්දි වශයෙන් ගෙවීමට නියෝග කර ඇත.
එමෙන්ම, එවක සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතාට රුපියල් මිලියන 50ක් ගෙවීමටද නියෝග කර ඇති අතර, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න මහතාටද රුපියල් මිලියන 50ක් ගෙවිය යුතු බව සඳහන් වේ.
තවද, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතා සහ වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන මහතා විසින් එක්ව තවත් රුපියල් මිලියන 50ක මුදලක් වන්දි වශයෙන් ගෙවිය යුතු බවද නියෝග කර තිබේ.
මෙම නඩුව, Transparency International Sri Lanka ආයතනය ඇතුළු පාර්ශ්ව දෙකක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් මත විභාග කර තිබුණි.
අගවිනිසුරු ප්‍රීති පද්මන්ට සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.



