විදෙස්

කුවේට් ගුවන් කලාපය තාවකාලිකව වැසේ

ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරවලින් අනතුරුව කුවේට් රාජ්‍යය සිය ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම තීරණය හේතුවෙන් කුවේට් වෙත ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානා කිහිපයක් වෙනත් ගුවන්තොටුපළ වෙත හරවා යවා ඇති බව සඳහන් වේ.

අද අලුයම් කාලයේදී කුවේට් සහ බහරේනයේ පිහිටි අමෙරිකානු ගුවන් හමුදා කඳවුරු ඉලක්ක කර ප්‍රහාරයක් දියත් කළ බව ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය ප්‍රකාශ කර තිබුණි.

එම වාතාවරණය සැලකිල්ලට ගනිමින් කුවේට් බලධාරීන් ගුවන් කලාපය තාවකාලිකව වසා දැමූ බව වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button