
ප්‍රධාන පුවත්
කුරුණෑගල නි. නගරාධිපති අල්ලස් චෝදනාවෙන් පක්ෂ සාමාජිකත්වය අත්හිටුවේ
අල්ලස් ලබාගැනීමේ චෝදනාවක් මත අත්අඩංගුවට පත් කුරුණෑගල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අෂාර්ඩීන් මොයිනුදීන් මහතාගේ පක්ෂ සාමාජිකත්වය වහාම බලපැවැත්වෙන පරිදි අත්හිටුවීමට සමස්ත ලංකා මහජන කොංග්‍රසය (ACMC) තීරණය කර ඇත.
ACMC නියෝජනය කරමින් කුරුණෑගල මහනගර සභාවට තේරී පත් වූ මොයිනුදීන් මහතා, මහනගර සභාවේ බලය පිහිටුවීමේ අවස්ථාවේදී සිය සහාය ජාතික ජන බලවේගයට ලබාදී තිබූ අතර, පසුව නියෝජ්‍ය නගරාධිපති ධුරයට පත්විය.
කුරුණෑගල බස් නැවතුම්පොළ සහ පොදු වැසිකිළි පිරිසිදු කිරීමේ ටෙන්ඩරයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 30ක අල්ලස් මුදලක් ඉල්ලා ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
ඒ අනුව අදාළ මුදල ලබාගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී බත්තරමුල්ල ප්‍රදේශයේදී ඊයේ (08) ඔහු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.



