
කාවන්තිස්ස හස්තියාගේ මරණයට හේතුව සොයන්න ස්වාධීන පරීක්ෂණයක්
පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතා පවසන්නේ කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් සිදු කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවයි.
කිලිනොච්චිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙම විමර්ශනයේදී හස්තියාට ප්‍රතිකාර කිරීමේදී කිසියම් අත්වැරැද්දක් සිදුවී ඇත්ද යන්න මෙන්ම සත්ත්වයාට හිතාමතා හානියක් සිදුකර තිබේද යන්න පිළිබඳවද සොයා බැලීමට නියමිතය.
කෙසේ වෙතත්, කාවන්තිස්ස හස්තියාට ප්‍රතිකාර කිරීමේදී වෛද්‍ය මණ්ඩලය උපරිම උත්සාහයකින් කටයුතු කර ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එසේ වුවද හස්තියාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වීම පිළිබඳව පරිසර අමාත්‍යාංශය කනගාටුව පළ කරන බවද ඔහු පැවසීය.
මීට අමතරව, ඉදිරියේදී රෝගී සතුන්ට ප්‍රතිකාර කිරීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා පශු වෛද්‍ය සේවය සහ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව හරහා අවශ්‍ය වැඩපිළිවෙළ වැඩිදියුණු කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා මෙසේ පැවසීය.
> “අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න ස්වාධීන විමර්ශන කණ්ඩායමක් යොදාලා මෙහිදී කිසියම් අත්වැරදීමක් සිදුවුණාද හෝ සතාට හානි කිරීම සඳහා දැනුවත්ව කිසියම් සිදුවීමක් වුණාද කියලා සොයා බැලීම සඳහා. අපි විශ්වාස කරනවා වෙන කිසිදු හස්තියෙකුට මැදිහත් නොවුණු තරම් මැදිහත්වීමක් අපි අපේ උපරිම අයුරින් මැදිහත් වෙලා තියෙනවා. අපි කනගාටු වෙනවා හස්තියාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වීම ගැන. මේ සම්බන්ධව ශෝක වන සියලු දෙනා සමග අපිත් පරිසර අමාත්‍යාංශය ලෙස අපේ ශෝකයත් පළ කරනවා. අපි ඉදිරියේදී අපේ පශු වෛද්‍ය සේවය, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුමේ මේ රෝගී සතුන්ට ප්‍රතිකාර කරන වැඩපිළිවෙල මීට වඩා දියුණු කරන්න අපි අවශ්‍ය කරන පියවර ගන්නවා. මේ පිටිපස අපි නොදැනුවත්ව මේ හස්තියාට හානි කිරීමේ එවැනි මොනා හරි තියෙනවාද කියන එක සම්බන්ධයෙනුත් සොයා බලලා අවශ්‍ය කරන දැඩි පියවර ලබා ගන්න අපි සූදානම්”



