උණුසුම් පුවත්

Meta සමාජ මාධ්‍ය වේදිකාවල හදිසි බිඳවැටීමක් ගැන වාර්තා

Meta සමාගමට අයත් Facebook සහ Messenger සේවාවන් වෙත ප්‍රවේශ වීමේදී දහස් ගණනක් පරිශීලකයින් ගැටලු අත්විඳිමින් සිටින බව වාර්තා වේ. Instagram සහ WhatsApp සේවාවන් භාවිත කිරීමේදීද ඇතැම් පරිශීලකයින් තාක්ෂණික දෝෂවලට මුහුණ දී සිටින බව සඳහන් වේ.

වාර්තා වන අන්දමට, තාක්ෂණික සමාගමක් වන Meta මේ වනවිට යම් තාක්ෂණික ගැටලුවකට මුහුණ දී සිටින අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය වේදිකා කිහිපයක් පරිශීලකයින්ට ප්‍රවේශ විය නොහැකි තත්ත්වයකට පත්ව තිබේ.

 

මෙම ගැටලු සම්බන්ධයෙන් පරිශීලකයින් X (පෙර Twitter ලෙස හැඳින්වූ) සමාජ මාධ්‍ය වේදිකාව ඔස්සේ තම අත්දැකීම් බෙදාගෙන තිබේ.

 

එක් පරිශීලකයෙක් මෙසේ සඳහන් කර ඇත.

 

“Facebook එක මට තාක්ෂණික දෝෂයක් ඇති බව කියනවා. මම passkey එක භාවිත කරලා login වෙන්න උත්සාහ කළත් බැරි වුණා. Facebook down වෙලාද?”

 

තවත් අයෙක්, “Facebook සහ Messenger දෙකම down වෙලාද???” යනුවෙන් ප්‍රශ්න කර තිබේ.

 

තෙවැනි පරිශීලකයෙක් ද, “Facebook සේවාව බිඳවැටී ඇති බව පෙනෙනවා” යනුවෙන් අදහස් පළ කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button