ප්‍රධාන පුවත්

කළුතර නාගොඩ රෝහලේ වෛද්‍යවරියකට අතවර කළ බවට රෝගියෙකු අත්අඩංගුවට

කළුතර නාගොඩ රෝහලේ සේවය කරන වෛද්‍යවරියකට ලිංගික අතවරයක් සිදු කළ බවට චෝදනා මත එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු මතුගම පිඹුර රෝහලේ සිට වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට මාරු කරනු ලැබූ අයෙකු බව සඳහන් වේ. වෛද්‍යවරිය ඔහුගේ රුධිර පීඩනය පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී, ඇයගේ පපු ප්‍රදේශය අතහැර ස්පර්ශ කර ඇති බවට පැමිණිල්ල ලැබී ඇත.

එම සිද්ධියෙන් පසු වෛද්‍යවරිය විසින් පොලීසියට පැමිණිලි කරන බව දන්වා තිබුණද, නැවත පරීක්ෂාවක් සඳහා ගිය අවස්ථාවේදීද සැකකරු විසින් දෙවැනි වරටත් අතවරය සිදු කර ඇති බවට වාර්තා වේ.

ඒ අනුව, පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන, පොලිස් ආරක්ෂාව යටතේ ඔහුට රෝහල තුළම ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර ඇත. අත්අඩංගුවට පත්ව ඇත්තේ මහගම, සමගිපුර, තැන්නහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (15) කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක නාලක ගුණසේකර මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක වන්නිආරච්චි ඇතුළු නිලධාරීන් විසින් සිදුකරමින් පවතී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button