
ශ්‍රීලන්කන් රියාද් ගුවන් ගමන් ඔක්. 18 දක්වා අත්හිටුවයිI
ශ්‍රීලන්කන් රියාද් ගුවන් ගමන් ඔක්තෝබර් 18 වනදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රීලන්කන් ගුවන් සේවය තීරණය කර තිබේ. සෞදි අරාබියේ රියාද් ගුවන් තොටුපළ ආශ්‍රිතව පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇත.
රියාද් ගුවන් තොටුපළ ආශ්‍රිතව මෑතකදී ඇති වූ ආරක්ෂක සිදුවීම සහ එහි පවතින ආරක්ෂක හා මෙහෙයුම් කටයුතු පිළිබඳ අඛණ්ඩ සමාලෝචන මෙම තීරණයට හේතු වී තිබේ.
මගීන්ගේ සහ ගුවන් යානා කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව ප්‍රමුඛතාව ලෙස සලකන බව ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහන් කරයි. පවතින තත්ත්වය වාණිජ ගුවන් ගමන් සඳහා සුදුසු බව තහවුරු කිරීමෙන් අනතුරුව අත්හිටුවා ඇති ගුවන් මෙහෙයුම් යළි ආරම්භ කිරීමට නියමිතය.
මේ අතර, ගුවන් ගමන් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගැනීමට මගීන්ට පහත දුරකථන අංක ඔස්සේ ශ්‍රීලන්කන් ගුවන් සේවය සම්බන්ධ කරගත හැකිය.
-
ශ්‍රී ලංකාව තුළ සිට: 1979
-
ජාත්‍යන්තර ඇමතුම් සඳහා: +94 11 777 1979
-
WhatsApp පණිවිඩ සඳහා පමණක්: +94 74 444 1979
මීට අමතරව, තම සංචාරක නියෝජිතයා හරහා හෝ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ද අදාළ තොරතුරු ලබාගත හැකිය.



