
ප්රධාන පුවත්
මහනුවර උමං මාර්ග නොභාවිත කරන පදිකයන්ට දැඩි නීති ක්රියාමාර්ග
මහනුවර නගරයේ උමං මාර්ග සහ පදික මාරු භාවිත නොකර ප්රධාන මාර්ග හරහා අනාරක්ෂිත ලෙස ගමන් කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින් ක්රියාත්මක කිරීමට මහනුවර පොලීසිය තීරණය කර තිබේ.
රථවාහන තදබදය අවම කිරීම සහ පදිකයන්ගේ ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා නගරයේ ඉදිකර ඇති උමං මාර්ග ප්රමාණවත් ලෙස භාවිත නොකිරීම හේතුවෙන් මාර්ග අනතුරු අවදානම වැඩිවී ඇති බව පොලීසිය පෙන්වා දෙයි.
විශාල මුදලක් වැය කර ජනතාවගේ පහසුව සහ ආරක්ෂාව වෙනුවෙන් සකස් කර ඇති මෙම පහසුකම් මඟහැර මාර්ග හරහා ගමන් කිරීම නිසා රථවාහන ගමනාගමනයටද බාධා එල්ල වන බව සඳහන් වේ.
ඒ අනුව උමං මාර්ග සහ පදික මාරු ආසන්න ප්රදේශවල විශේෂ පොලිස් නිලධාරීන් යෙදවීමට පියවර ගෙන ඇති අතර, නීති උල්ලංඝනය කරන පුද්ගලයන්ට දඩ නියම කිරීම ඇතුළු නීතිමය ක්රියාමාර්ග ගන්නා බව මහනුවර පොලීසිය අවධාරණය කරයි.



