
ප්රධාන පුවත්
නීතීවිරෝධී බීඩිකොළ තොගයක් නාවික හමුදා භාරයට
නීතීවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්රවාහනය කිරීමට සූදානම් කර තිබූ නීතීවිරෝධී බීඩිකොළ තොගයක් සමඟ ලොරි රථයක් නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ.
මෙම වැටලීම නාවික නෞකා තම්බපන්නි ආයතනය සහ නොරොච්චෝලේ පොලිසිය එක්ව පුත්තලම දළුව වෙරළ ප්රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සිදුකර ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.
සෝදිසි මෙහෙයුමේදී ලොරි රථය තුළ උර 20ක අසුරා තිබූ බීඩිකොළ කිලෝග්රෑම් 800කට අධික ප්රමාණයක් සොයා ගැනීමට නිලධාරීන් සමත්ව තිබේ.
නාවික හමුදාව භාරයට ගත් බීඩිකොළ තොගය සහ අදාළ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා නොරොච්චෝලේ පොලිසිය වෙත භාරදී ඇති බව වැඩිදුරටත් සඳහන් කර ඇත.



