ප්‍රධාන පුවත්

රත්මලාන–ඉඹුල්ගොඩ වැටලීමෙන් මත්ද්‍රව්‍ය හා ව්‍යාජ මුදල් සමඟ සැකකරුවන් 6ක් අත්අඩංගුවට

රත්මලාන සහ ඉඹුල්ගොඩ ප්‍රදේශ ආශ්‍රිතව සිදු කළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 91 මිලිග්‍රෑම් 200ක් සමඟ සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

මෙම සැකකරුවන් සන්තකයේ තිබී ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටු 2ක් සහ ව්‍යාජ රුපියල් 2000 මුදල් නෝට්ටු 21ක් ද සොයාගෙන ඇත.

ලද බුද්ධි තොරතුරු අනුව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම ක්‍රියාත්මක කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ වයස් අවුරුදු 25, 29, 30, 32, 35 සහ 52 ලෙස සදහන් වන අතර, ඔවුන් ඉඹුල්ගොඩ, දෙහිපිටිය, පැලෑඳ සහ රත්මලාන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හෙළිව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලීසිය විසින් සිදු කරගෙන යයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button