ප්‍රධාන පුවත්

මිතුරු පුරවර යටතේ නගර 26ක් සංවර්ධනයට කැබිනට් අනුමැතිය

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුව, මිතුරු පුරවර වැඩසටහන යටතේ නගර 26ක් සංවර්ධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබේ.

2026 අයවැය යෝජනා මගින් නාගරික සංවර්ධනයට විශේෂ අවධානයක් යොමු කර ඇති අතර, එහි කොටසක් ලෙස “මිතුරු පුරවර” වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණි.

මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ මහජනතාවගේ පහසුව සහ ප්‍රාදේශීය ප්‍රජාවන්ගේ යහපැවැත්ම ඉහළ නැංවීම සඳහා කුඩා නගර සංවර්ධනය කිරීමයි. ඒ අනුව තෝරාගත් නගර සඳහා එක් අත්‍යවශ්‍ය සංවර්ධන ව්‍යාපෘතියක් බැගින් හඳුනාගෙන, ඒවා 2026 වසර තුළ අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

ආරම්භක අදියරේදී හඳුනාගෙන ඇති නගර 23ක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 581ක මුදලක් වෙන් කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිව ඇත. එම ප්‍රතිපාදන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ලබාගැනීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button