
අධ්‍යාපන ආයෝජන ගැන අගමැති හරිනිගෙන් ප්‍රකාශයක්
අධ්‍යාපන ආයෝජන හරහා සමාජ පරිවර්තනයකට නායකත්වය දිය හැකි අනාගත පරපුරක් බිහිකිරීම සඳහා අවශ්‍ය ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
අද (14) මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
අධ්‍යාපනය හරහා වර්තමාන සමාජය අවබෝධ කරගනිමින් එය වඩාත් ගුණාත්මක මාවතකට යොමු කිරීමට නායකත්වය ලබාදිය හැකි අනාගත පරපුරක් බිහිකිරීම අපේක්ෂාව බව ඇය පැවසුවාය.
එමෙන්ම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් පවතින පරිවර්තනීය අවස්ථාවකදී පාසල් වෙතද සුවිශේෂී වගකීමක් පැවරෙන බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙසේ පැවසුවාය,
“අධ්‍යාපනයෙන් අප බලාපොරොත්තු වන්නේ පවතින සමාජය තේරුම් ගෙන, සමාජය ගුණාත්මක මගකට හැරවීම සඳහා නායකත්වය දිය හැකි අනාගත පරපුරක් බිහිකිරීමයි. ඒ භාරදූර්ය කර්තව්‍ය වෙනුවෙන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් යන මේ පරිවර්තනීය මොහොතේ මෙවැනි පාසල්වලට සුවිශේෂී වූ කර්තව්‍යයක් ඉටුකිරීමට සිදුවෙනවා.
අපි රජයක් හැටියට ප්‍රමුඛත්වය දීලා තියෙන්නෙ මානව සම්පත් දියුණු කරන්න. ඒ ගමනේදී අධ්‍යාපනයට අප සුවිශේෂී අවධානයක් දීලා තියෙනවා. අප ක්‍රමානුකූලව අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල අයවැයෙන් අයවැයට වැඩි කරමින් යනවා. නමුත් එම ක්‍රියාවලිය නිදහස් අධ්‍යාපනය නිර්මාණය කිරීමේදී පැවති දර්ශනයේ අඩංගු සියලුම සංකල්පයන් ආවරණය වන ආකාරයෙන් සිදුකළ යුතුයි. එම අරමුණු කරා යාමට අවශ්‍ය කරන සහය ඔබ සැමගෙන්ම ලැබේවියැයි අප අපේක්ෂා කරනවා.”
රජය මානව සම්පත් සංවර්ධනයට ප්‍රමුඛතාව ලබාදී ඇති අතර, ඒ යටතේ අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල් ප්‍රමාණය අයවැයෙන් අයවැයට ක්‍රමානුකූලව ඉහළ නැංවීමට කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
නිදහස් අධ්‍යාපනය ස්ථාපිත කිරීමේදී පැවති දර්ශනයේ අඩංගු සියලු සංකල්ප ආවරණය වන ආකාරයට එම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා යුතු බවද ඇය අවධාරණය කළාය.



