
උණුසුම් පුවත්
මීගමුව බන්ධනාගාර ගැටුම – මරණ 31ක් දක්වා ඉහළට
මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, අදාළ නිලධාරීන් දෙදෙනා ඊයේ (13) සහ අද (14) අලුයම් කාලයේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 25ක් සහ 39ක් වන බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු බව වාර්තා වේ.
ඒ අනුව මෙම ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් ඇති අතර, රැඳවියන් 21 දෙනෙකුද මීට පෙර මියගොස් තිබේ.
ජුලි මස 5 සහ 6 යන දිනවල ඇති වූ මෙම ගැටුම හේතුවෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව මේ වනවිට 31ක් බව පොලීසිය පවසයි.
සිද්ධියෙන් තුවාල ලැබූ තවත් රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් කිහිපදෙනෙකු කොළඹ ජාතික රෝහලේ සහ මීගමුව රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන් වේ.



