
ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයට අමෙරිකාවෙන් ප්‍රතිප්‍රහාර
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ඉරානය විසින් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකට ප්‍රතිචාර ලෙස අමෙරිකානු හමුදාව ඉරානයේ ඉලක්ක රැසකට ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.
පසුගිය බ්‍රහස්පතින්දා (25) සිංගප්පූරු ධජය යටතේ ගමන් කළ “Ever Lovely” නෞකාව ඉලක්ක කර ප්‍රහාරය එල්ල වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊට ප්‍රතිචාර වශයෙන් අමෙරිකානු මධ්‍යම බලඇණිය සිකුරාදා (26) ඉරානයේ මිසයිල හා ඩ්‍රෝන ගබඩා කිහිපයක් සහ වෙරළබඩ රේඩාර් මධ්‍යස්ථාන වෙත ප්‍රබල ගුවන් ප්‍රහාර එල්ල කර විනාශ කළ බව සඳහන් වේ.
කෙසේ වෙතත්, අදාළ නෞකාව අනවසර මුහුදු මාර්ගයක ගමන් කළ බැවින් එයට ප්‍රහාරය එල්ල කළ බව ඉරානය ප්‍රකාශ කර ඇත.
මේ අතර, අමෙරිකානු ප්රහාරයන්ට ප්‍රතිචාර ලෙස ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය කලාපයේ රැඳී සිටින අමෙරිකානු හමුදා ඉලක්ක කිහිපයකට ද ප්‍රතිප්‍රහාර එල්ල කළ බව විදෙස් වාර්තා සඳහන් කරයි.



