ප්‍රධාන පුවත්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන රදගුරු සම්මේලනයෙන් ඉල්ලීම

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමට අදාළ ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමට පෙර ප්‍රමාණවත් මහජන සහ පාර්ශ්වකරුවන්ගේ සාකච්ඡාවක් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සම්මේලනය සඳහන් කර ඇත්තේ, විනිසුරුවරුන්ගේ දැනට පවතින නීතිමය විශ්‍රාම වයස ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරන බවයි.

පළපුරුදු සහ දැනුමැති විනිසුරුවරුන්ගේ සේවය තවදුරටත් ලබාගැනීමේ අවශ්‍යතාව මත විශ්‍රාම වයස ඉහළ දැමීමට ආණ්ඩුව තීරණය කර ඇති බවද එම සම්මේලනය පෙන්වා දෙයි.

කෙසේවෙතත්, අධිකරණයේ ස්වාධීනත්වය සහ බලතල බෙදීමේ මූලධර්ම සුරක්ෂිත කිරීම සඳහා මෙවැනි තීරණ ගැනීමේදී පුළුල් සාකච්ඡාවක් සහ පාර්ශ්වකරුවන්ගේ අදහස් සැලකිල්ලට ගැනීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය අවධාරණය කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button