කාලගුණය

ඉදිරි දිනවල වැසි ඇතිවෙයිද? කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මීට අමතරව උතුරු, උතුරු මැද, ඌව, නැගෙනහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලට මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයටද පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 ඉක්මවූ තරමක් තද වැසි ඇතිවීමේ හැකියාවක්ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මේ අතර බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button