
උණුසුම් පුවත්
ශිරාන් බාසික් ගැන අරුන්දිකගෙන් CCIB ප්‍රශ්න කරයි
ශිරාන් බාසික් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටින බව වාර්තා වේ.
ඩුබායි සිට පසුගියදා මෙරටට රැගෙන එනු ලැබූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සඳහන් වන ශිරාන් බාසික් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව මෙම ප්‍රකාශය ලබාගන්නා බව සඳහන්ය.
එම විමර්ශනවලදී අරුන්දික ප්‍රනාන්දු මහතාගේ වත්කම් හා බැරකම් සම්බන්ධයෙන්ද තොරතුරු ලබාගැනීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.



