ප්‍රධාන පුවත්

ආචාර්ය හිඟය 50%ක්: රජරට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨ සිසුන්ට ඉගෙනීම් අර්බුදයක්

රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය පුරා ආචාර්ය හා මහාචාර්යවරුන් සම්බන්ධයෙන් සියයට 50කට ආසන්න හිඟයක් පවතින බවත්, එහි ප්‍රතිවිපාක තදින්ම පෙනී යන්නේ රජරට විශ්වවිද්‍යාලය තුළ බවත් එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨ ශිෂ්‍ය සංගමය සඳහන් කරයි.

 

ශිෂ්‍ය සංගමය පෙන්වා දෙන්නේ, කළමනාකරණ පීඨයේ සිසුන් සుమාර 2,000ක් ඉගෙනුම් කටයුතුවල නිරතව සිටින අතර, ඔවුන්ට පන්ති පවත්වන්නේ මහාචාර්යවරුන් 12 දෙනෙකු පමණක් වීම බවයි.

මෙවැනි දැඩි කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් සිසුන්ගේ දේශන, පරීක්ෂණ සහ අනෙකුත් අධ්‍යයන ක්‍රියාවලීන්ට බාධා එල්ල වී ඇති බවද එම සංගමය අවධාරණය කරයි.

 

“රජරට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය තුළ මේ වනවිට 45%ක ආචාර්ය සහ මහාචාර්යවරු හිඟයක් පවතිනවා. මේ හේතුව නිසා ශිෂ්‍යයන්ගේ ඉගෙනිමේ කටයුතුවලට, අධ්‍යයන කටයුතුවලට දැඩි බාධාවක් මතුවෙලා. මේ වෙද්දි තිබෙන ප්‍රධානම ගැටලුව තමා පර්යේෂණ කටයුතු කරන්න අවශ්‍ය දැනුම ලබාගන්න මහාචාර්යවරු නොමැති තත්ත්වයක් තියෙන්නේ. ඒ තුළ සිසුන්ගේ පර්යේෂණ කටයුතුවල පසුබෑමක් ඇතිවෙලා. රජරට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දෙපාර්තමේන්තු 6 තුළම සිසුන් 2,000කට ආසන්න ප්‍රමාණයක් ඉගෙනුම ලබනවා. කනගාටුවට කරුණ වෙන්නේ ඒ හැමෝටම මේ වෙද්දි ඉන්නේ මහාචාර්යවරුන් 12ක් දෙනෙක් විතරයි.”

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button