
ප්‍රධාන පුවත්
අවුරුදු සමයේ පොලිස්පති දිනය සහ මහජන සහන දිනය අත්හිටුවේ
සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය හේතුවෙන් මෙම සතිය තුළ පැවැත්වීමට නියමිත පොලිස්පති දිනය සහ පොලිස්පති මහජන සහන දිනය නොපැවැත්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කරයි.
පොලිස් නිලධාරීන්ගේ අභියාචනා සම්බන්ධයෙන් පැවැත්වෙන පොලිස්පති දිනය, හෙට (16) දිනට නියමිතව තිබුණද, එය මෙම අවුරුදු සමය නිමිත්තෙන් අත්හිටුවන බව වාර්තා වේ.
තවද, මහජනතාවගේ ගැටලු සහ ඉල්ලීම් සම්බන්ධයෙන් පැවැත්වෙන පොලිස්පති මහජන සහන දිනය ද අනිද්දා (17) දින පැවැත්වීමට නොහැකි වන බව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
මෙම තීරණය අලුත් අවුරුදු උත්සව සමයේ කටයුතු සැලකිල්ලට ගනිමින් ගෙන ඇති බව ද සඳහන් වේ.



