
ඉන්ධන භාවිතය අඩුවුණත් ආනයන වියදම ඩොලර් මිලියන 521ක්
2026 වසරේ මුල් මාස පහ තුළ ඉන්ධන පරිභෝජනයේ අඩුවීමක් දක්නට ලැබුණද, ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාම හේතුවෙන් ඉන්ධන ආනයන වියදම් සැලකිය යුතු ලෙස වැඩිවී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (02) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, ජනවාරි මාසයේදී ඉන්ධන ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 186ක් වැය වූ අතර මැයි මාසය වන විට එම වියදම ඩොලර් මිලියන 521ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
ඔහු පෙන්වා දුන්නේ, ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ ඕටෝ ඩීසල්, සාමාන්‍ය ඩීසල් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් පරිභෝජනයේ අඩුවීමක් වාර්තා වුවද, ජාත්‍යන්තර වෙළෙඳපොළේ මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ආනයන වියදම් ඉහළ ගොස් ඇති බවය.
අමාත්‍යවරයාට අනුව, ජනවාරි මාසයේදී ඩොලර් මිලියන 186ක් වූ ඉන්ධන ආනයන වියදම පෙබරවාරි මාසයේදී ඩොලර් මිලියන 97ක්, මාර්තු මාසයේදී ඩොලර් මිලියන 95ක්, අප්‍රේල් මාසයේදී ඩොලර් මිලියන 316ක් සහ මැයි මාසයේදී ඩොලර් මිලියන 521ක් ලෙස වාර්තා වී ඇත.
ලෝක වෙළෙඳපොළේ තෙල් මිලවල උච්චාවචනයන් සැලකිල්ලට ගනිමින් දේශීය ඉන්ධන මිල සකස් කිරීමට රජය උත්සාහ දරන බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



