
අමෙරිකා විශේෂ නියෝජිත Sergio Gor සහ ජනාධිපති වරයා අතර හමුවක්
අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිතවරයා ලෙස කටයුතු කරන, ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති Sergio Gor මහතා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූයේ අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදීය.
මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කර ඇති බව සඳහන් වේ.
එමෙන්ම, මැදපෙරදිග ප්‍රදේශයේ පවතින යුදමය තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ ස්ථාවරය සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වී ඇත. ජනාධිපතිවරයා, එම තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුව ඇති ආර්ථික හා අනෙකුත් අභියෝග පිළිබඳව ද නියෝජිත පිරිස දැනුවත් කර ඇත.
මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
Sergio Gor මහතා සමඟ පැමිණි නියෝජිත කණ්ඩායමද මෙම හමුවට සහභාගී වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.



