
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවේ සිටි ඉරාන නාවිකයින් 240 යළි මව්රටට: කටුනායකෙන් විශේෂ ගුවන් යානයකින්
ශ්‍රී ලංකාවේ තාවකාලික රැකවරණය යටතේ සිටි ඉරාන නාවික හමුදාවේ නාවිකයින් 240 දෙනෙකු ඊයේ (14) දින යළි ඉරානය වෙත පිටත් කිරීමට පියවර ගෙන තිබේ.
මෙම පිරිස අතර, මෙරටට ආසන්න මුහුදු කලාපයේදී අමෙරිකානු ප්‍රහාරයකට ලක්වූ ඉරානයට අයත් IRIS Dena නෞකාවේ සිට බේරාගත් නාවිකයින් 32 දෙනෙකුද, IRIS Bushehr නෞකාවේ සිටි නාවිකයින් 204 දෙනෙකුද ඇතුළත් බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා සඳහන් කර ඇත.
මෙම නාවික පිරිස කටුනායක පිහිටි බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් විශේෂ ටර්කිෂ් ගුවන් සේවය යටතේ ක්‍රියාත්මක ගුවන් යානයක් මගින් ඉරානය වෙත යොමුකර ඇති බව වාර්තා වේ.
අදාළ සිද්ධියට අනුව, මුහුදු කලාපයේ ඇති වූ ආරක්ෂක තත්ත්වයන් මත මෙම නාවිකයින් ශ්‍රී ලංකාවේ රැකවරණය යටතේ තාවකාලිකව තබාගෙන සිටි බවද සඳහන් වේ.



