
මිනරල් සෑන්ඩ්ස් හිටපු සභාපති අත්අඩංගුවට
මිනරල් සෑන්ඩ්ස් හිටපු සභාපති උදේනි ජයරත්න දසනායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (25) අත්අඩංගුවට ගෙන තිබේ.
ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් සමාගමේ හිටපු සභාපතිවරයෙකු වන ඔහුට එරෙහිව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ සේවක බඳවාගැනීම් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවක් මතය.
2023 සහ 2024 වසරවලදී සමාගමේ කම්කරු තනතුරු සඳහා අනුමත කර තිබූ සංඛ්‍යාව ඉක්මවා, බඳවාගැනීමේ පටිපාටියෙන් බැහැරව ‘අනියම් කම්කරු’ තනතුරට සේවකයින් බඳවාගෙන ඇති බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.
එම බඳවාගැනීම් හරහා මේ දක්වා රුපියල් 34,438,650.42ක මුදලක් අදාළ අනියම් කම්කරුවන්ගේ වැටුප් සඳහා ගෙවීමට සැලැස්වීමෙන් ඔවුන්ට අයුතු සහගත වාසියක් ලබාදී ඇති බව අල්ලස් කොමිසම පවසයි.
එම ක්‍රියාව හරහා දූෂණය නමැති වරද සිදුකර ඇති බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.
අදාළ සැකකරු අද පෙරවරු 9.25ට පමණ කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.



