
අධික උණුසුම ගැන වෛද්‍යවරුන්ගේ අවවාද – මානසික අවපීඩනය ඇතිවීමේ අවදානමක්
අධික උණුසුම් කාලගුණ තත්ත්වය මිනිසුන්ගේ මානසික සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන බව මනෝ වෛද්‍ය විද්‍යා විජේබණ්ඩාර මහත්මිය පවසයි. ඇය සඳහන් කළේ, මෙම උෂ්ණත්වය වැඩිවීම හේතුවෙන් ආතතිය, මානසික අවපීඩනය, නොසන්සුන්භාවය සහ හිතේ කරදර වැඩිවීමක් දක්නට ලැබෙන බවයි.
අද (01) සෞඛ්‍ය ප්‍රවර්ධන කර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළ වෛද්‍යවරිය කියා සිටියේ, අධික උණුසුමත් සමඟ සිරුර විජලනයට පත්වීම මූලික හේතුවක් වන බවයි. එම විජලනය හේතුවෙන් සිරුර තුළ ඇතිවන රාසායනික වෙනස්වීම් මගින් මිනිස් මනසට බලපෑම් ඇතිවිය හැකි බවද ඇය පැහැදිලි කළාය.
ඒ අනුව, උණුසුම් කාලගුණයේදී සෞඛ්‍යය රැක ගැනීම සඳහා ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම සහ ශරීරය සිසිල්ව තබා ගැනීම වැදගත් බවද වෛද්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළාය.
“අධික උණුසුම් තත්ත්වය මානසික අවපීඩනයන්, ආතති තත්ත්වයන්, හිතට කරදරය නොසන්සුන්කම වැඩිකරන තත්ත්වයන් වෙනවා. අධික උණුසුමත් එක්ක ආතතිය, ඇන්සයිටිතමතාවය, විෂාදය එකට බැදිලා තියෙන නිසා මෙම තත්ත්වයන් වැඩි වෙන්න පුළුවන්.
අධික උණුසුමත් එක්ක ඇග විජලනයට පත්වෙනවා. ඒක නිසා ඇති වන රාසායනික තත්ත්වයන්ගේ වෙනස්වීම නිසා කෙනෙක්ගේ මානසක මට්ටම පහතට වැටෙන්න පුළුවන්. මොලේ තියෙන රාසායනික ද්‍රව්‍ය, හෝමෝන මේ සියලු දේවල බලපෑම නිසා මානසික තත්ත්වය අඩු වෙන්න පුළුවන්. රස්නය වැඩි වුණාම නිද්දට බලපෑම් වෙනවා. මේකත් මානසික මට්ටම අවපීඩනයට ලක් කරන්න හේතු වෙනවා. අධික උණුසුමත් එක්ක කෙනෙකු ආතති තත්ත්වයන්ට පත් වෙන්න පුළුවන්.
අධි අවධානම් පිරිසක් ඉන්නවා. කාලයක් පුරා රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පිරිස්, කුඩා දරුවන්, ගර්භණි මව්වරු සහ වයෝවෘධ පිරිස.
මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය කෙළිම්ම බලපෑමක් ඇති කරනවා. මානසික තත්ත්වය කඩා වැටෙන්න අධික උණූසුම් තත්ත්වයත් සමග නුසුදු දියරයක් බැවින් මත්පැන් පානය කිරීම මානසික තත්ත්වය අවපීඩනය වීම ආතති තත්ත්වයන් ඇති වීම වෙන්න පුළුවන්. විශේෂයෙන් අධික උණුසුම කල්පනාව අඩුවීම මතකය අඩුවීම වැනි තත්ත්වයන්ට ඇතිවෙන්න පුළුවන්.
මනස හොඳින් තියා ගන්න ලිහිල් ව්‍යායාම කරන්න. භාවනාව, සංගීතයට සවන්දීම පරිසරය සමඟ බැදෙන ක්‍රියා කරන්න. මානසික තත්ත්වය යහපත්ව තබාගන්න පුළුවන් දේ කරන්න.
අධික උණුසුම රාත්රියේදී නින්දට බාධා වෙනවා. එකත් මානසික ආතතිය වැඩි වීමට හේතු වෙනවා. “



