ප්‍රධාන පුවත්

ඖෂධ අලෙවිසැලක් ලෙස ක්‍රියාත්මක කරමින් මත්කරල් ජාවාරම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට

ඖෂධ අලෙවිසැලක් පවත්වාගෙන යන බවට පෙනී සිටිමින්, සූක්ෂම ලෙස මත්කරල් අලෙවි කිරීමේ නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු පොල්ගහවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගැනීමේදී සැකකරුවන් සතුව තිබූ මත්කරල් 2,000ක් පොලිස් භාරයට ගත් බව පොලීසිය සඳහන් කරයි.

පොලිස් විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරක් අනුව උපාය දූතයින් යොදවා සිදුකළ වැටලීමකදී, ප්‍රධාන සැකකරුගේ නිවසේ සිට මෙම මත්කරල් තොගය සොයාගෙන ඇත.

පොලීසිය අනාවරණය කරන්නේ, නිවසේ නාන කාමරයේ තිබූ රෙදි සෝදන යන්ත්‍රයක් තුළ ඉතා සූක්ෂම ලෙස මත්කරල් සඟවා තිබූ අතර, එහි සිට මත්කරල් අඩංගු පාර්සල් 20ක් සොයා ගත් බවය.

අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 37 සහ 24 අතර පසුවන කඩිතරමුල්ල සහ පනලිය ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් කලක සිට පාසල් දරුවන් හා ප්‍රදේශයේ තරුණයින් ඉලක්ක කරගෙන මෙම ජාවාරම සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මත්කරල් 10ක් අඩංගු කාඩ්පත් 10ක් සහිත එක් පාර්සලයක් රුපියල් 10,000කට අලෙවි කර ඇති බවත්, පොලිස් භාරයට ගත් මත්කරල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකකට ආසන්න බවත් මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ.

එමෙන්ම, අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාම අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිව සිටින පුද්ගලයින් බවද පොලීසිය සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button