ගොසිප්

ලෝක විවාහක රූ රැජින තරගයේ තෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ සබීනාට

අමෙරිකාවේ පැවති 41වන ලෝක විවාහක රූ රැජින තරගයේ කිරුළ දිනාගැනීමට තායිලන්තය නියෝජනය කළ තරගකාරිය සමත්ව තිබේ.

මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (30) පෙරවරුවේ අවසන් වූ අතර, අවසන් තිදෙනා අතරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සබීනා යූසෆ් තේරී පත්වීම විශේෂත්වයකි. ඒ අනුව ඇයට තරගයේ තෙවන ස්ථානය හිමිවිය.

මෙම තරගයේ දෙවන ස්ථානය සත්කාරක අමෙරිකාව නියෝජනය කළ තරගකාරිය විසින් ලබාගෙන ඇත.

මෙවර ලෝක විවාහක රූ රැජින තරගයට ලෝකයේ රටවල් 60කට අධික සංඛ්‍යාවකින් රූ රැජිනියන් සහභාගී වී සිටියහ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button