
මෙරට වැසියන් හතරෙන් 1ක් දිළිඳුභවේ ගොදුරක් – උපාලි පන්නිලගේ
වර්තමානයේ මෙරට වෙසෙන ජනතාවගෙන් හතරෙන් එකක් දිළිඳුභාවයෙ ගොදුරක් බවට පත්ව ඇතැයි ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශය පෙන්වාදෙන පරිදි ඉන් සියයට 80ක පමණ පිරිසක් ග්රාමීයව ජීවත් වන බව විෂය භාර අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේය.
එම නිසා ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීමට ප්‍රථමයෙන් කළ යුතු බවත් ඒ අනුව එක් එක් ග්‍රාම නිලදාරි වසමට අදාළව දුප්පත්කමට හේතු හඳුනාගෙන ඒ අනුව ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයන් සියලු දෙනා එක්ව සංවර්ධන සැලසුම් සකස් කළ යුතු බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එ අතර මැදපෙරදිග උද්ගතව ඇති යුදමය තත්වය හමුවේ ගෝලීය ආර්ථිකයට යම් බලපෑමක් එල්ලවී තිබේ.
ගෙවී ගිය මාස 15ක පමණ කාලය තුළ අපරටේ ආර්ථිකය ශක්තිමත් කිරීම හේතුවෙන් අපට එම බලපෑම අවම කර ගැනීමට හැකියාව ලැබූ බව ඒ මහතා පැවසුවේය.
එසේ නොවන්නට යළිත් පෝලිම් යුගයක් නිර්මාණය වන බව ද ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.



