
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය
අධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සහ නඩු ගොඩගැසීම කාර්යක්ෂමව අවම කිරීමේ අරමුණින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
2026 ජූලි 27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබාදුන් ප්‍රතිපත්තිමය අනුමැතියට අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කළ විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ නිෂ්කාශනයද මේ වන විට ලබාදී ඇත.
ඒ අනුව අදාළ පනත් කෙටුම්පත් ඉදිරියේදී රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට නියමිත අතර, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.
මෙම යෝජනාව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර, ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.



