ප්‍රධාන පුවත්

QR සහ “ඔත්තේ ඉරට්ටේ” ඉවත් කර සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට හැකී – විජිත හේරත්

අප්‍රේල් මාසය තුළ ඉන්ධන රැගත් නෞකා 9ක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

මාතර ප්‍රදේශයේ අද (05) පැවැති ජනතා හමුවකදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, මැදපෙරදිග යුද්ධ තත්ත්වය හේතුවෙන් උද්ගත වූ බලශක්ති අර්බුදය මේ වනවිට රජය විසින් සාර්ථක ලෙස කළමනාකරණය කර ඇති බවයි.

ඒ අනුව ඉදිරියේදී බදාදා දිනය නැවත සාමාන්‍ය වැඩකරන දිනයක් ලෙස ප්‍රකාශ කිරීමට හැකියාව ඇති බවද ඔහු කියා සිටියේය.

තවද, දැනට ක්‍රියාත්මක QR පද්ධතිය යටතේ ඉන්ධන බෙදාහැරීම සහ “ඔත්තේ ඉරට්ටේ” ක්‍රමවේදයද ඉවත් කරමින් සාමාන්‍ය පරිදි ඉන්ධන ලබාදීමට හැකිවන බවට අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

 

“දැනටමත් අපි අලුත් ක්‍රමවේද හඳුන්වලා දුන්නා. මුල් සතිය දෙකේ යම් අමාරුකම් තිබුණා ඒක ඇත්ත. පොලින් ආවා. QR හඳුන්වලා දුන්නා, ඔත්තේ ඉරට්ටේ කළා. බදාදා දිනය නිවාඩු දිනයක් කළා. යම් යම් ක්ෂණික ක්‍රියාමාර්ග ගත්තා. දැන් අපි පොලින් නැති කළා. දැන් QRඑක හොඳට යනවා. ඔත්තේ ඉරට්ටේ හොඳට යනවා. තව ටික දවසක් යද්දි ඒක එපා නම් අපි ඒක අයින් කරමු. අපි ලැස්ති ඒකට. බදාදා නිවාඩු දිනයත් දිගටම තියා ගන්න ඕනේ නෑ. කළමනාකරණය කරාට පස්සේ අවශ්‍ය මොහොතේ දී වැඩ පටන්ගමු. ඒ වෙලාවේ ඇති වු තත්ත්වයට මුහුණ දෙන්න අපි ඒක කළා. එනවා කිව්ව නැව් ටික එක පාර එන්න බෑ කිව්වා. සැපයුම් දුන්නේ නෑ. ඒකයි ඒ වගේ කළේ. නමුත් බය වෙන්න එපා තව නැව් 9ක් අප්‍රේල් වල එන්න නියමිතයි…”

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button